Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 8:18

Sinhala Revised Old Version

හූරාම් තමාගේ සේවකයන් අත නැව්ද මුහුදේ කාරණා දන්නාවූ සේවකයන්ද ඔහු වෙතට එවුවේය; ඔව්හු සාලමොන්ගේ සේවකයන් සමඟ ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය පනහක් සාලමොන් රජු වෙතට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

මක්නිසාද මුහුදේ, හීරාම්ගේ නැව් සමඟ තර්ෂීෂ් නැව් රජුට තිබුණේය. ඒ තර්ෂීෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.

ඕපීර් සිට රන් ගෙනා හූරාම්ගේ සේවකයෝද සාලමොන්ගේ සේවකයෝද හඳුන් ලී සහ අනර්ඝ ගල් ගෙනාවෝය.

සාලමොන්ට ගමන්කාර වෙළෙන්දන්ගෙන්ද වෙනත් වෙළඳුන්ගෙන්ද ලැබුණ රන් හැර අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.

මක්නිසාද හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබුණේය. ඒ තර්ෂිෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.

මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්