එකල සාලමොන් ඒදොම් දේශයේ මුහුදුබඩ තිබෙන එශීයොන්-ගෙබෙර්ටත් ඒලොත්ටත් ගියේය.
යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.
රජ තමාගේ පියවරුන් සමඟ සැතපුණු පසු ඔහු ඒලත් ගොඩනගා එය යූදාට නැවත අයිතිකරගත්තේය.
ඒ කාලයේදී සිරියේ රජවූ රෙශීන් ඒලත් නැවත සිරියට ලබාගන යූදාවරුන් ඒලත් කෙරෙන් පහකරදැමුවේය. සිරියවරු ඒලත්ට ඇවිත් අද දක්වා එහි වසති.
ඔහු තර්ෂිෂ්ට යාමට නැව් සාදන පිණිස ඔහුට එකතුවිය. ඔව්හු එශියොන්-ගෙබෙර්හි නැව් සෑදුවෝය.
ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම ලූ දවස දක්වාත් ඒක නිමවන තුරුත් සාලමොන්ගේ සියලු වැඩ සූදානම්ව තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහය සම්පූර්ණවිය.
අබ්රොනාවෙන් පිටත්ව ගොස් එශියොන්-ගෙබෙර්හි කූඩාරම් ගසාගත්තෝය.
මෙසේ අප සේයිර්හි සිටින ඒසව්ගේ පුත්‍රයන් වන අපේ සහෝදරයන් ළඟින් ඒලත් කෙරෙන්ද එශියොන්-ගෙබෙර් කෙරෙන්ද අරබා සමභූමි මාර්ගයෙන් ගියෙමුව. අපි හැරී මෝවබ් කාන්තාර මාර්ගයෙන් ගියෙමු.