Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 35:27

Sinhala Revised Old Version

මුල පටන් අග දක්වා ඔහුගේ කාරණාද ඉශ්‍රායෙල් සහ යූදා රජවරුන්ගේ පොතෙහි ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

යේහුගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ සියලු බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

බලව, ආහාස් කළ අනික් ක්‍රියා යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?

ආමොන් කළ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?

මුල පටන් අන්තිම දක්වා රෙහොබොවම්ගේ ක්‍රියා ප්‍රොපේතවූ ෂෙමායාගේද ඉද්දෝ නම් දිවස් ඇත්තාගේද කථාන්තරවල පරම්පරා වශයෙන් ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.

යෙහෝෂාපාට්ගේ ඉතිරි ක්‍රියා මුල පටන් අග දක්වා ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහි අන්තර්ගතවූ, හනානීගේ පුත්‍ර යේහුගේ ඉතිහාසයෙහි ලියා තිබේ.

ඔහුගේ පුත්‍රයන් ගැනද ඔහු පිට තබනලද බරේ මහත්කම සහ දෙවියන්වහන්සේගේ ගෘහය දෙවනු ගොඩනැගීම ගැනද රාජාවලි අටුවා පොතෙහි ලියා තිබේ. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.

අමශියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා යූදාහි රජුන්ගේද ඉශ්‍රායෙල් රජුන්ගේද පොතෙහි ලියා තිබෙනවා නොවේද?

උස්සියාගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ආමොශ්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා විසින් ලියනලද්දේය.

හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ භක්තිමත් කෘත්‍යන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘතැනගේ දර්ශන පොතෙහිද යූදා සහ ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහිද ලියා තිබේ.

ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ.

යොෂියාගේ අනික් ක්‍රියාද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩද,

එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගෙන, ඔහුගේ පියා වෙනුවට ඔහු යෙරුසලමෙහි රජකමට පත්කළෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්