යොෂියාගේ අනික් ක්‍රියාද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට ඔහු කළ භක්තිමත් වැඩද,
හෙසකියා යූදා මුළුල්ලෙහි මෙසේ කරමින් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව, හරිව, යුතුව තිබුණු දේ කෙළේය.
හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ භක්තිමත් කෘත්‍යන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘතැනගේ දර්ශන පොතෙහිද යූදා සහ ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහිද ලියා තිබේ.
යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්‍රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.
මුල පටන් අග දක්වා ඔහුගේ කාරණාද ඉශ්‍රායෙල් සහ යූදා රජවරුන්ගේ පොතෙහි ලියා තිබේ.
නුඹ කිහිරි ලීවලින් උසස්වෙන්ට වීර්ය කරන බැවින් නුඹට රජකම්කරන්ට ලැබේද? නුඹේ පියා කා බී යුක්තියද ධර්මිෂ්ඨකමද කළා නොවේද? එවිට ඔහුට ශුභසිද්ධවූයේය.