Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 17:19

Sinhala Revised Old Version

ඔව්හු රජුට මෙහෙකළාවූ අයය, ඔවුන් ඇර රජු විසින් මුළු යූදාහි බලකොටු නුවරවල සිටෙවු අයත් මෙහෙකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

යළිත් හෙතෙම එක එක නුවර පලිස් සහ හෙල්ල තබා, ඒවා ඉතා බලවත් ලෙස සවිකෙළේය. ඔහුට තිබුණේ යූදා සහ බෙන්යමින් ප්‍රදේශවල්ය.

ඔහු නුවණින් හැසිර, තමාගේ සියලු පුත්‍රයන්ගෙන් කීපදෙනෙක් යූදාහිත් බෙන්යමින්හිත් පළාත් මුළුල්ලෙහි එනම් සියලු බලකොටු නුවරවලට බෙදා යවා, බොහෝසෙයින් ඔවුන්ට ආහාර දුන්නේය. ඔවුන්ට බොහෝ භාර්යාවන්ද සොයාදුන්නේය.

යෙහෝෂාපාට් අතිශයින් උතුම්ව යූදාහි බලකොටුද ගබඩා නුවරවල්ද ගොඩනැගුවේය.

ඊළඟට යෙහෝසාබාද්ය, යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදාහක් ඔහු සමඟ වූවෝය.

ඔහු යූදා රටේ සියලු බලකොටු නුවරවල හමුදාවන් සිටුවා, යූදා දේශයෙහිද තමාගේ පියවූ ආසා අල්ලාගත් එප්‍රායිම් නුවරවලද මුර සේනාවන් සිටෙවුවේය.

මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය–දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යූදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්