ඊළඟට යෙහෝසාබාද්ය, යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදාහක් ඔහු සමඟ වූවෝය.
මේ සියල්ලෝ තමුන්ගේ පියවංශවල ප්‍රකාරයට යෙදීයයෙල්ගේ පුත්‍රයෝව, සේනා වශයෙන් යුද්ධයට යන්ට පුළුවන්වූ බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය, ඔව්හු දහහත්දාස් දෙසිය දෙනෙක්ය.
බෙන්යමින්ගෙන් බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්වූ එල්යාදාය, ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධවූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝය.
ඔව්හු රජුට මෙහෙකළාවූ අයය, ඔවුන් ඇර රජු විසින් මුළු යූදාහි බලකොටු නුවරවල සිටෙවු අයත් මෙහෙකළෝය.