Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 11:14

Sinhala Revised Old Version

මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යූදාටත් යෙරුසලමටත් ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.

සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටි පූජකයෝද ලෙවීවරුද තමුන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙතට ආවෝය.

නුඹලා ආරොන්ගේ පුත්‍රයන් වන ස්වාමීන්වහන්සේගේ පූජකයන්ද ලෙවීවරුන්ද එළවාදමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියමකරගත්තා නොවේද? මෙසේ කැපවෙන පිණිස නාඹු ගොනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නුමුත් දෙවි නොවන්නන්ට පූජකයෙක් වන්නේය.

නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයෙන් නුවරවල් දිය යුතු වන්නේ වැඩියේ ඇති අයගෙන් වැඩියේත් ස්වල්පයක් ඇති අයගෙන් ස්වල්පයකුත්ය. එකිනෙකාට ලැබෙන තමාගේ උරුමය ලෙස තම තමාගේ නුවරවලින් ලෙවීවරුන්ට දිය යුතුයයි කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්