Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



2 ලේකම් 11:13

Sinhala Revised Old Version

සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙහි සිටි පූජකයෝද ලෙවීවරුද තමුන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙතට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

නුමුත් යූදා නුවරවල විසූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි රෙහොබොවම් රජකම් කෙළේය.

ඉශ්‍රායෙල් රජවූ බාෂා යූදාට විරුද්ධව ගොස් යූදාහි රජවූ ආසා වෙතට පිටතට යන්ට හෝ ඇතුළට එන්ට හෝ කිසිවෙකුට ඉඩ නොදෙන පිණිස රාමා ගොඩනැගුවේය.

තවද බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් රොටිද යව රොටි විස්සක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙතට ගෙනාවේය. ඔහුද: සෙනඟට කන්ට දෙන්නැයි කීවේය.

යළිත් හෙතෙම එක එක නුවර පලිස් සහ හෙල්ල තබා, ඒවා ඉතා බලවත් ලෙස සවිකෙළේය. ඔහුට තිබුණේ යූදා සහ බෙන්යමින් ප්‍රදේශවල්ය.

මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යූදාටත් යෙරුසලමටත් ආවෝය.

ආසාගේ රජකම්කිරීමේ තිස්හවෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් රජවූ බයෙෂා රජ යූදාට විරුද්ධව ගොස් යූදාහි රජවූ ආසා වෙතට කිසිවෙකුට යන්ට එන්ට ඉඩ නාරින පිණිස රාමා නගරය ගොඩනැගුවේය.

ඔව්හු යූදාහි ඔබ මොබ ගොස්, යූදාහි සියලු නුවරවලින් ලෙවීවරුන්ද ඉශ්‍රායෙල්වරුන්ගේ පියවංශවල ප්‍රධානීන්ද රැස්කරගෙන යෙරුසලමට ආවෝය.

ඉන්පසු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්ට කියා හෙසකියා ඉශ්‍රායෙල් රටද යූදා දේශයද මුළුල්ලෙහි කියා ඇරියේය, එප්‍රායිම් සහ මනස්සේටත් ලියුම් ලියා ඇරියේය.

නුමුත් ස්වාමීන්වහන්සේගේ බරයයි නුඹලා කීවොත්, ඒ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමීන්වහන්සේගේ බරයයි නොකියන්නය කියා මා විසින් නුඹලාට කියා එවූ නුමුත්: ස්වාමීන්වහන්සේගේ බර යන වචනය නුඹලා කියන නිසා,

නුඹේ දේශය මතුපිට නුඹ ජීවත්වෙන සියලුම දවස්වල ලෙවීයයා අත්නොහරින්ට බලාගන්න.

නුඹලාගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය හැර නුඹලාට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේටත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්