සාලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයේදී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේය.
තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ නෙබාත්ගේ පුත්‍රවූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවම්ද රජුට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය.
යෙරොබොවම් වනාහි බලසම්පන්න මනුෂ්‍යයෙක් විය. සාලමොන් ඒ තරුණයා කඩිසර කෙනෙක් බව දැක යෝසෙප්ගේ වංශයට නියමවූ බර වැඩ සියල්ල කෙරෙහි ඔහු පත්කෙළේය.
ඒ නිසා සාලමොන් යෙරොබොවම් මරන්ට සෙවීය. එහෙත් යෙරොබොවම් පිටත්වී මිසරයේ රජවූ ෂීෂක් වෙත මිසරයට පලාගොස්, සාලමොන්ගේ මරණය දක්වා එහි සිටියේය.
තවද සාලමොන් රජු කෙරෙන් පලාගොස් මිසරයෙහි වාසයකළාවූ, නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයෙහි සිටියදීම ඒ බව ඔහුට සැලවිය.
ඔව්හු පණිවිඩයක් යවා ඔහු ගෙන්වාගත්තෝය; එවිට යෙරොබොවම්ද සියලු ඉශ්‍රායෙල්වරුද ඇවිත් රෙහොබොවම්ට කථාකොට:
සාලමොන්ගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ප්‍රොපේතවූ නාතාන්ගේ ඉතිහාසයේද ෂිලොනිය අහියාගේ අනාගතවාක්‍යයේද නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් ගැන දිවස් ඇත්තා වන ඉද්දෝ ලියු දර්ශනයේද ලියා තිබෙනවා නොවේද?