එසේ වුවත් අධිපතීන් නුඹට කැමති නැත. එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් අප්‍රසන්නනොවෙන පිණිස දැන් සමාදානයෙන් හැරී යන්නැයි කීවේය.
බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය.
එවිට ඒලී උත්තරදෙමින්: සමාදානයෙන් යන්න; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන් නුඹ කළ ඉල්ලීම උන්වහන්සේ නුඹට ඉෂ්ටකරදෙනසේක්වයි කීවේය.
එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම නුඹ අවංකව හැසුරුණෙහිය, නුඹ සමුදාව අතරෙහි මා සමඟ ආ ගිය හැටි මට හොඳව පෙනුණේය. නුඹ මා ළඟට ආදා පටන් අද දක්වා නුඹ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත.
දාවිත්ද: මම කුමක් කෙළම්ද? මා ඇවිත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරන්ට විරුද්ධව සටන්කරන්ට බැරි හැටියට මා ඔබ ඉදිරියට පැමුණුණදා පටන් අද දවස දක්වා ඔබගේ මෙහෙකරුවා අත සම්බවුණ වරද මොකදැයි ආකීෂ්ගෙන් ඇසුවේය.