1 සාමුවෙ 29:6Sinhala Revised Old Versionඑවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම නුඹ අවංකව හැසුරුණෙහිය, නුඹ සමුදාව අතරෙහි මා සමඟ ආ ගිය හැටි මට හොඳව පෙනුණේය. නුඹ මා ළඟට ආදා පටන් අද දක්වා නුඹ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත. පරිච්ඡේදය බලන්න |
එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු: මේ හෙබ්‍රෙව්වෝ මෙහි මක්කෙරෙද්දැයි ඇසුවෝය. ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතිවරුන්ට කථාකොට: මොහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ සාවුල්ගේ සේවකයෙක්ව සිටිය දාවිත් නොවේද? මොහු දැන් කලක නොහොත් අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි, ඔහු මට එකතුවුණදා පටන් අද දක්වා ඔහු අත කිසි වරදක් මට සම්බවුණේ නැතැයි කීවේය.