මේ සියල්ලෝ ආෂෙර්ගේ පුත්රයෝය. ඔව්හු තමුන්ගේ පිය වංශවල ප්රධානියෝව, උතුම්වූ බලවන්ත මනුෂ්යයෝව, ප්රධාන අධිපතියෝව සිටියෝය. පෙළපත් හැටියට යුද්ධ සේවයට ගණන්ගන්නාලද්දෝ විසිදහසක්ය.
උල්ලාගේ පුත්රයෝ නම්: ආරඃ, හන්නියෙල් සහ රිසීයාය.
බෙන්යමින්ට දාව ඔහුගේ කුලුඳුලාවූ බෙලාද දෙවෙනියාවූ අෂ්බෙල්ද තුන්වෙනියාවූ අහරාද;
ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.