මේ සියල්ලෝ තමුන්ගේ පියවංශවල ප්‍රකාරයට යෙදීයයෙල්ගේ පුත්‍රයෝව, සේනා වශයෙන් යුද්ධයට යන්ට පුළුවන්වූ බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය, ඔව්හු දහහත්දාස් දෙසිය දෙනෙක්ය.
යෙදීයයෙල්ගේ පුත්‍රයෝ: බිල්හාන්ය. බිල්හාන්ගේ පුත්‍රයෝ නම්: යෙවුෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර්ය.
ෂුප්පීම්ද හුප්පීම්ද ඊර්ගේ පුත්‍රයෝය. හුෂ්ෂීම් අහෙර්ගේ පුත්‍රයෙක්ය.