යෙදීයයෙල්ගේ පුත්‍රයෝ: බිල්හාන්ය. බිල්හාන්ගේ පුත්‍රයෝ නම්: යෙවුෂ්, බෙන්යමින්, ඒහුද්, කෙනානා, ශේතාන්, තර්ෂිෂ් සහ අහිෂාහර්ය.
තවද කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකියා යකඩ අං සාදාගෙන: ඔබ සිරියවරුන් නැතිකරනතුරු මේවායින් ඔවුන්ට අනිනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
මේ සියල්ලෝ තමුන්ගේ පියවංශවල ප්‍රකාරයට යෙදීයයෙල්ගේ පුත්‍රයෝව, සේනා වශයෙන් යුද්ධයට යන්ට පුළුවන්වූ බලවන්ත මනුෂ්‍යයෝව සිටියෝය, ඔව්හු දහහත්දාස් දෙසිය දෙනෙක්ය.
ඔවුන්ගේ පෙළපත් වශයෙන්, තමුන්ගේ පරම්පරා හැටියට, තමුන්ගේ පියවංශවල ප්‍රධානියෝව සිටි බලවන්ත මනුෂ්‍යයන් විසිදාස් දෙසියයක්ය.
ඒහුද්ගේ පුත්‍රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය.