ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු යෙරොහාම්ගේ පුත්‍රයාය, ඔහු එලියෙල්ගේ පුත්‍රයාය, ඔහු තෝවාගේ පුත්‍රයාය;
අම්රාම්ගේ පුත්‍රයෝ නම්: ආරොන් සහ මෝසෙස්ය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද ඉතා ශුද්ධදේ කැපකරන පිණිසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත් උන්වහන්සේට සේවයකරන පිණිසත් සෑම කල්හිම උන්වහන්සේගේ නාමයෙන් ආශීර්වාදකරන පිණිසත් හැම කලටම වෙන්කරනු ලැබුවෝය.
ආරොන් පුත්‍රයන්ගේ පංක්ති මේය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබීහු, එලෙයාසර් සහ ඊතාමාර්ය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවූ ආරොන්ට අණකළ ප්‍රකාරයට ඔහු ලවා කෙරෙවු නියෝගය ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීමට ඔවුන්ගේ මෙහෙයේ පිළිවෙළ මේය.
එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;
ඔහු සූප්ගේ පුත්‍රයාය, ඔහු එල්කානාගේ පුත්‍රයාය, ඔහු මහත්ගේ පුත්‍රයාය, ඔහු අමාසයිගේ පුත්‍රයාය;
මාගේ පුත්‍රයෙනි, දැන් අලසව නොසිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්ටත් උන්වහන්සේට සේවයකරන්ටත් උන්වහන්සේගේ සේවකයන් ව සුවඳ දුම් ඔප්පුකරන්ටත් උන්වහන්සේ නුඹලා තෝරාගත්සේකැයි කීවේය.
නුඹේ සහෝදරවූ ආරොන්ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ද මට පූජකකම් කරන පිණිස, ආරොන්ද ඔහුගේ පුත්‍රයන්වූ නාදාබ්ද අබීහූද එලෙයාසර්ද ඊතාමර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් නුඹ ළඟට කැඳවාගන්න.
ආරොන් එය පිට මිහිරි සුගන්ධ ද්‍රව්‍ය දවන්නේය. ඔහු හැම උදයම පහන් සූදානම් කරන කල්හි ඒවා දැවිය යුතුය.
පූජකවූ ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනය පිට ගිනි දල්වා ගිනි පිට දර පිළිවෙළින් තබත්වා.
එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.
ඔහු ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන්ට ඇතුල්වන කල තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද මුළු ඉශ්‍රායෙල් සභාව උදෙසාද සමගිකමක් කොට පිටතට එනතුරු කිසිවෙක් සම්මුඛවීමේ කූඩාරමෙහි නොසිටිය යුතුය.
ඔහු ඒ පිට සත්වරක් තමාගේ ඇඟිල්ලෙන් ලේ ඉස ඒක පවිත්‍රකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකමෙන් ඒක විශුද්ධකෙරේවා.
එප්‍රායිමියයෙක්වූ ශුප්ගේ පුත්‍රවූ තොහුගේ පුත්‍රයා වන එලීහුගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන එල්කානා නම් මනුෂ්‍යයෙක් එප්‍රායිම් කඳුරටේ රාමාතයිම්-ශෝපීම්හි සිටියේය.