ඔවුන්ගේ ගම් ඒතාම්, ආයින්, රිම්මෝන්, තොකෙන්, ආෂාන් යන නුවරවල් පහක් සහ බාල් දක්වා එම නුවරවල් වටේට තිබුණු සියලු ගමුත්ය.
බෙත්-මර්කාබොත්හිද හශර්-සුසීම්හිද බෙත්-බිරියෙහිද ෂයරාම්හිද විසුවෝය. දාවිත් රජකමට පැමිණෙන තුරු මේවා ඔවුන්ගේ නුවරවල්ව තිබුණේය.
ඔවුන්ගේ වාසස්ථානද ඔවුන්ගේ පෙළපත් ලේඛනයද මේවාය.
ආයින්ද රිම්මොන්ද එතෙර්ද ආෂාන්ද යන මේ නුවරවල් සතර සහ ඒවායේ ගම්ය.
ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය.