Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 27:5

Sinhala Revised Old Version

තුන්වෙනි මාසයට තුන්වෙනි සේනාවේ අධිපතියා නම් පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයාවන ප්‍රධානියාවූ බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.

රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.

බලවන්ත යෞවනයෙක්වූ ශාදොක් සහ ඔහුගේ පිය වංශයේ අධිපතිවරු විසිදෙදෙනෙක්ය.

යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් ප්‍රධානියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද රජු වෙත ප්‍රධානියෝව සිටියෝය.

අහිතොපෙල් ළඟට බෙනායාගේ පුත්‍රවූ යෙහෝයාදා සහ අබියාතර්ද මන්ත්‍රීයෝව සිටියෝය. රජුගේ සේනාපතියා යෝවාබ්ය.

දෙවෙනි මාසයට පංක්තිය කෙරෙහි අහෝහිය දෝදයි පත්ව සිටියේය. ඔහුගේ පංක්තියේ මුලාදෑනියා මික්ලොත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයාව තිස්දෙනා කෙරෙහි අධිපතියාව සිටියේය. ඔහුගේ පුත්‍රවූ අම්මිසාබාද් ඔහුගේ පංක්තියේ සිටියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්