දෙවෙනි මාසයට පංක්තිය කෙරෙහි අහෝහිය දෝදයි පත්ව සිටියේය. ඔහුගේ පංක්තියේ මුලාදෑනියා මික්ලොත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර්ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස්ව සිටිද්දී ඒ ස්ථානයෙහි දාවිත් සමඟ සිට ඔවුන්ට මිග කී බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය, ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද ගොස් සිටියෝය.
ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය, ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය.
ඔහු පෙරෙශ් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්ව පළමුවෙනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියාව සිටියේය.
තුන්වෙනි මාසයට තුන්වෙනි සේනාවේ අධිපතියා නම් පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයාවන ප්‍රධානියාවූ බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.