Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 26:8

Sinhala Revised Old Version

මොවුන් සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝය. ඔව්හුද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද සේවයට බලවන්තව ශක්තිමත්ව සිටියෝය; මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

මෙසේ දාවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්ට අකැමැතිව අහකට හරවා ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය.

ෂෙමායාගේ පුත්‍රයෝ වන ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්සාබාද්ය; ඔහුගේ සහෝදරයෝ වන බලවන්ත මනුෂ්‍යයෝවූ එලීහු සහ සෙමාකියාය.

මෙෂෙලෙමියාට බලවන්තයන් වන පුත්‍රයන්ද සහෝදරයන්ද දහඅටදෙනෙක් වූවෝය.

ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේය.

තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.

යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්