ෂෙමායාගේ පුත්‍රයෝ වන ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්සාබාද්ය; ඔහුගේ සහෝදරයෝ වන බලවන්ත මනුෂ්‍යයෝවූ එලීහු සහ සෙමාකියාය.
ඔහුගේ පුත්‍රවූ ෂෙමායා නිසාත් පුත්‍රයෝ උපන්නෝය, ඔව්හු බලවන්ත මනුෂ්‍යයෝව සිටි නිසා තමුන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයෝව සිටියෝය.
මොවුන් සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝය. ඔව්හුද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද සේවයට බලවන්තව ශක්තිමත්ව සිටියෝය; මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝය.
කොරාගේ පුත්‍රවූ එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත්‍රවූ ෂල්ලුම්ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයෝ වන කොරහිවරුද සේවයේ කටයුතුවලට පත්වී සභාමණ්ඩප දොරටුවල රැකවල්ලු වූහ. ඔවුන්ගේ පියවරු ස්වාමීන්වහන්සේගේ කඳවුරට ඇතුල්වෙන තැන රැකවලුන්ලෙස සිටියෝය;