හූර්ට දාව උරී උපන්නේය, උරීට දාව බෙශලෙල් උපන්නේය.
අසුබා මැරුණු පසු කාලෙබ් එප්‍රාත් පාවාගත්තේය, ඈ ඔහු නිසා හූර් බිහිකළාය.
පසුව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස්වූ කල, ගිලියද්හට පියවූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ වෙතට පැමුණුණේය; ඇයට ඔහු නිසා සෙගූබ් උපන්නේය.
තවද හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශල්යෙල් සෑදූ පිත්තල පූජාසනය ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට තිබුණේය. සාලමොන්ද සභාවද ඊට ළඟාවුණෝය.
බලව, මම යූදාගේ ගෝත්‍රයේ හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල්ගේ නම කියා ඔහු කැඳවා,
බෙශලෙල් ෂිටිම් ලීවලින් පෙට්ටිය සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද විය.
යූදා ගෝත්‍රයෙන් හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශලෙල් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල සෑදුවේය.