අසුබා මැරුණු පසු කාලෙබ් එප්‍රාත් පාවාගත්තේය, ඈ ඔහු නිසා හූර් බිහිකළාය.
හෙශ්රොන්ගේ පුත්‍රවූ කාලෙබ්ට දාව ඔහුගේ භාර්යාවවූ අසුබාගෙන්ද යෙරියොත්ගෙන්ද පුත්‍රයෝ උපන්නෝය. ඇගේ පුත්‍රයෝ නම්: යේෂෙර්, ෂෝබාබ් සහ අර්දොන්ය.
හූර්ට දාව උරී උපන්නේය, උරීට දාව බෙශලෙල් උපන්නේය.
හෙශ්රොන් කාලෙබ්-එප්‍රාතාහිදී මැරුණු පසු හෙශ්රොන්ගේ භාර්යාවවූ අබියා තෙකෝවාගේ පියවූ අෂ්හූර් ඔහු නිසා බිහිකළාය.
මොව්හු කාලෙබ්ගේ පුත්‍රයෝය; එප්‍රාතාගේ කුලුඳුලාවූ බෙන්හුර්ය, කිරියත්-යෙයාරීම්ගේ පියවූ ෂෝබාල්;
ගෙදොර්ගේ පියවූ පෙනුවේල්ය, හූෂාගේ පියවූ එසෙර්ය. මොව්හු එප්‍රාතාගේ කුලුඳුලාවූ, බෙත්-ලෙහෙම්ගේ පියවූ හූර්ගේ පුත්‍රයෝය.
යෝෂුවා මෝසෙස් තමාට කී ලෙස කොට, අමලෙක්වරුන් සමඟ සටන් කෙළේය. මෝසෙස්ද ආරොන්ද හූර්ද හෙළ මුදුනට ගියෝය.
නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.