බෙලා මැරුණායින් පසු බොශ්රාහි සෙරාගේ පුත්‍රවූ යෝබාබ් ඔහු වෙනුවට රජකම්කෙළේය.
ස්වාමීන්වහන්සේගේ කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේට බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.
ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.
මක්නිසාද බොශ්රා විස්මයක්ද නින්දාවක්ද පාළුවක්ද ශාප-වචනයක්ද එහි සියලු නුවරවල් සදාකාල පාළු ඉඩම්ද වන්නෝයයි මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඒ නිසා මම බොශ්රාහි මාළිගා විනාශකරන ගින්නක් තේමාන්ට අරින්නෙමි.
එම්බා යාකොබ්, මම සැබවින් නුඹලා සියල්ලන් රැස්කර, ඉතුරු ඉශ්‍රායෙල්වරුන් එකතුකර, බොශ්රාහි බැටළුවන්මෙන් ඔවුන් එක්කාසුකරන්නෙමි. ගොදුරු බිම මැද සතුන් රැළක් මෙන් මිනිසුන් රාශිය නිසා ඝෝෂාවක් වන්නේය.