මෙසේ සාලමොන් ගෘහයේ ඇතුළත අනර්ඝ රනින් වසා, රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒක රනින් වැසුවේය.
ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය.
මුළු ගෘහය වසා තීන්දුවනතෙක් ඔහු ඒක මුළුල්ලම රනින් වැසුවේය. දිව්‍ය-වාක්‍යස්ථානයට අයිති පූජාසනය මුළුල්ලත් රනින් වැසුවේය.
ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.
ලෑලි රනින් වසා පොලු දමන පිණිස ඒවායේ වළලු රනින් සාදා පොලුද රනින් වසන්න.
ඔහු ලෑලි රනින් වසා පොලු දැමීමට වළලු රනින් සාදා පොලුත් රනින් වැසුවේය.