ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, එහි උසත් විසි රියනක්ය; ඔහු එය අනර්ඝ රනින් වැසුවේය. පූජාසනය ඔහු කිහිරි ලීවලින් වැසුවේය.
ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමට ඇතුළතින් ගෘහය තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළකෙළේය.
මෙසේ සාලමොන් ගෘහයේ ඇතුළත අනර්ඝ රනින් වසා, රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒක රනින් වැසුවේය.
මුළු ගෘහය වසා තීන්දුවනතෙක් ඔහු ඒක මුළුල්ලම රනින් වැසුවේය. දිව්‍ය-වාක්‍යස්ථානයට අයිති පූජාසනය මුළුල්ලත් රනින් වැසුවේය.
සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,
ඔහු ගෘහයද බාල්කද උළුවහුද ඒකේ භිත්තිද දොරවල්ද ඇතුළුව රනින් වැසුවේය. භිත්තිවල කෙරූබ්-රූපද කැටයම්කළේය.
ලෑලි රනින් වසා පොලු දමන පිණිස ඒවායේ වළලු රනින් සාදා පොලුද රනින් වසන්න.
පූජාසනය ලී පූජාසනයක්ය, උස රියන් තුනක්ය, ඒකේ දිග දෙරියනක්ය; ඒකේ කොන්ද ඒකේ අඩියද ඒකේ පැතිද ලීවලින්ය. එවිට ඔහු: මෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසයයයි මට කීය.
ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.