තවද රජ ෂිමෙයිට කථාකොට: නුඹ මාගේ පියවූ දාවිත්ට කළාවූ නුඹේ සිතට දැනෙන මුළු දුෂ්ටකම නුඹ දන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹේ හිස පිටට නුඹේ දුෂ්ටකම හරවනසේක.
ඉතින් නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා කළ දිවුරුමත් මා නුඹට අණකළ ආඥාවත් රක්ෂානොකළේ මක්නිසාදැයි ඔහුට කීවේය.
අහසියාගේ මවුවූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු රාජ වංශය විනාශකළාය.
එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනැවිත් ඔහුගේ හිස පිට ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දුන්නේය; ඔව්හු රජකමට ඔහු ආලේපකොට අත්පොළසන්දී: රජතුමා සැරදේවයි කීවෝය.
මාගේ එදිරිකාරයන්ටත් මාගේ ප්‍රාණයට විරුද්ධව නපුර කථාකරන්නන්ටත් ස්වාමීන්ගෙන් ලැබෙන විපාකය මේය.
ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.
දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම ඔහු සුළුකළේ මාගේ දිවුරුමය, ඔහු කඩකළෙත් මාගේ ගිවිසුමය, මමද ඔහුගේ හිස පිටට ප්‍රතිඵල දෙන්නෙමි.
එබැවින් සෙනඟට මෙන්ම පූජකයාටත් සිද්ධවෙයි. මම ඔවුන්ගේ මාර්ගවල හැටියට ඔවුන්ට දඬුවම්කර, ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.
ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය.
මක්නිසාද ව්‍යවස්ථාව නැත්තාවූ අන්‍යජාතීන් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන කල, ඔව්හු ව්‍යවස්ථාව නැතුව තමුන්ටම ව්‍යවස්ථාවක්ව සිටිති; කෙසේද?
මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය.
නාබල් මැරුණු බව දාවිත් අසා: නාබල් අතින් මට වුණ නින්දාව ගැන යුක්තිය කළාවූ, තමන්ගේ මෙහෙකරුවා නපුරෙන් වැලැක්වුවාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ හිස පිටටම හැරවූසේකැයි කීය. දාවිත් අබීගායිල් තමාට භාර්යාව කොට පාවාගන්නා පිණිස ඈ සමඟ කථාකරන්ට පණිවිඩකාරයන් හැරියේය.