ඉතින් නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා කළ දිවුරුමත් මා නුඹට අණකළ ආඥාවත් රක්ෂානොකළේ මක්නිසාදැයි ඔහුට කීවේය.
(ගිබියොන්වරු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නොව අමෝරිවරුන්ගෙන් ඉතිරිව සිටිය කොට්ඨාසයක්ය; ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නුමුත් සාවුල් ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් යූදාටත් ඇති තමාගේ ජ්වලිතකම නිසා ඔවුන් මරන්ට සෙවුවේය.)
රජතෙමේ ෂිමෙයිට අඬගස්වා ඔහුට කථාකොට: නුඹ කොහේ නුමුත් පිටතට ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගනින්න කියා මා නුඹට සහතිකකොට නුඹ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරෙවුවා නොවේද? නුඹද–මා ඇසූ කීම යහපතැයි මට කීයෙහිය.
තවද රජ ෂිමෙයිට කථාකොට: නුඹ මාගේ පියවූ දාවිත්ට කළාවූ නුඹේ සිතට දැනෙන මුළු දුෂ්ටකම නුඹ දන්නෙහිය. එබැවින් ස්වාමීන්වහන්සේ නුඹේ හිස පිටට නුඹේ දුෂ්ටකම හරවනසේක.
ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.
රජුගේ ආඥාව රක්ෂාකරන්ට නුඹ දෙවියන්වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්ට මම නුඹට අවවාදකරමි.
එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය.