1 රාජාවලිය 2:4Sinhala Revised Old Versionමෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ශික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න. පරිච්ඡේදය බලන්න |
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ කථාකොට: නුඹ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් නුඹේ දරුවෝ මා ඉදිරියෙහි හැසිරෙන පිණිස තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම්, ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ටකරදුන මැනව.
සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.
එබැවින්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට කථාකොට: නුඹ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් නුඹේ දරුවෝ මාගේ ව්‍යවස්ථාව පවත්වන හැටියට තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ට කළමැනව.