1 රාජාවලිය 2:3Sinhala Revised Old Versionනුඹ කරන සියල්ලේදීද නුඹ යන සෑම තැන්වලදීද නුඹට ශුභසිද්ධ වෙන පිණිසත්, ස්වාමීන්වහන්සේ මට කථාකොට–නුඹේ පුත්‍රයෝ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියෙහි සැබෑකමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලාගන්නෝ නම් ඉශ්‍රායෙල් සිංහාසනය පිට හිදීමට නුඹට කෙනෙක් නැතුව නොයන්නේයයි කියා උන්වහන්සේ කීවාවූ තමන්ගේ වචනය උන්වහන්සේ ඉෂ්ටකරන පිණිසත්, පරිච්ඡේදය බලන්න |
එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය.