නුමුත් තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වැඩකාරයන් දෙදෙනෙක් පලාගොස් මයකාගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට පලාගියෝය. එවිට: නුඹේ වැඩකාරයෝ ගාත්හි සිටිතියි ෂිමෙයිට දන්වන්ට යෙදුණේය.
ෂිමෙයිද: ඒ කීම යහපත; මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී ලෙසම ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. එසේ ෂිමෙයි යෙරුසලමෙහි බොහෝ දවස් විසුවේය.
ෂිමෙයි නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමාගේ වැඩකාරයන් සොයන්ට ගාත්හි ආකීෂ් වෙතට ගියේය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිට තමාගේ වැඩකාරයන් ගෙනායේය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දේශයෙහි අනාක්වරුන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. ගාසාහිද ගාත්හිද අෂ්දොද්හිද පමණක් ඔව්හු ඉතුරුව සිටියෝය.
දාවිත් පිටත්වී සාවුල්ට භයින් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජවූ ආඛීෂ් වෙතට පැමුණුණේය.