ෂිමෙයිද: ඒ කීම යහපත; මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී ලෙසම ඔබගේ මෙහෙකරුවා කරන්නේයයි රජුට කීවේය. එසේ ෂිමෙයි යෙරුසලමෙහි බොහෝ දවස් විසුවේය.
නුඹලා නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤාකරන්න, මමත් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තරදෙන දෙවියන්වහන්සේම දෙවියන්වහන්සේ වන සේක්වයි කීවේය. මුළු සෙනඟ උත්තරදෙමින්: ඒ කීම යහපතැයි කීවෝය.
නුඹ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එගොඩව ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගන්න. නුඹේලේ නුඹේම හිස පිට වන්නේයයි ඔහුට කීවේය.
නුමුත් තුන් අවුරුද්දකට පසු ෂිමෙයිගේ වැඩකාරයන් දෙදෙනෙක් පලාගොස් මයකාගේ පුත්‍රවූ ගාත්හි රජවූ ආකීෂ් වෙතට පලාගියෝය. එවිට: නුඹේ වැඩකාරයෝ ගාත්හි සිටිතියි ෂිමෙයිට දන්වන්ට යෙදුණේය.
ඉශ්‍රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය.
එවිට හෙසකියා: නුඹ කී ස්වාමීන්වහන්සේගේ වචනය යහපත්යයි යෙසායාට කීවේය. තවද ඔහු: සමාදානයත් සැබෑකමත් මාගේ දවස්වල ඇත්නම් හොඳ නොවේදැයි යෙසායාට කීවේය.