ඒ ළඟින් යන මනුෂ්‍යයෝ මළකඳ මාර්ගයෙහි වැටී තිබෙනවාත් සිංහයා මළකඳ ළඟ සිටිනවාත් දැක මහලු ප්‍රොපේත තැන විසූ නුවරට ඇවිත් ඒ බව කීවෝය.
බෙතෙල්හි මහලු ප්‍රොපේත කෙනෙක් වාසයකෙළේය; ඔහුගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා එදා බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල් ඔහුට කීයේය. ඔහු විසින් රජුට කී වචනද ඔව්හු තමුන්ගේ පියාට කීවෝය.
මාර්ගයෙන් ඔහු කැඳවාගත් අනාගතවක්තෘ එපවත් අසා: ඒ වනාහි ස්වාමීන්වහන්සේගේ වචනයට අකීකරුවූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය ලෙස ඔහු සිංහයා ම පාවාදුන්සේක; ඌ ඔහු ඉරා මරාදැමුවේයයි කීවේය.