ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටළුවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය.
තවද ඔහු කෑ බී පසු ඔහු විසින් ආපසු කැඳවාගන එනලද ප්‍රොපේත තැනට කොටළුවා සූදානම්කර දෙන ලද්දේය.
එවිට ඔහු: නුඹ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනූණ නිසා නුඹ මා ළඟින් අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් නුඹ මරන්නේයයි කීවේය. ඔහු ළඟින් ඔහු අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔහුට සම්මුඛවී ඔහු මැරුවේය.
ඔහු පස්සට හැරී ඔවුන් දැක ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාපකෙළේය. එවිට වැළහින්නියන් දෙන්නෙක් කැලෑවෙන් ඇවිත් ඒ ළමයින්ගෙන් සතළිස් දෙදෙනෙකු ඉරා දැමුවෝය.
අලසයා කථාකොට: පිටත සිංහයෙක් ඇත. වීථිවලදී මට මැරෙන්ට වේයයි කියන්නේය.
අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය.
එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.
කොටළුදෙනද මා දැක මේ තුන් වරක්ම මා ඉදිරියෙන් ඉවත හැරුණාය. ඈ මා කෙරෙන් ඉවත නොහැරුණා නම් සැබවින් මා විසින් නුඹ මරා ඈ ඉතුරුකරනලද්දේ නොවේදැයි කීවේය.