මුළු ශරීරය ඇසක් නම් ඇසීම කොයිද? මුළු ශරීරය ඇසීම නම් ගඳදැනීම කොයිද?
කන පිහිටෙවු තැනන්වහන්සේට නොඇසෙන්නේද? ඇස සෑදූ තැනන්වහන්සේට නොපෙනෙන්නේද?
අසන කනද දකින ඇසද යන දෙකම ස්වාමීන්වහන්සේ සෑදූසේක.
කන: මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ.
නුමුත් දෙවියන්වහන්සේ තමන්ගේ කැමැත්ත ලෙස ඒ සියලු අවයවයන් වෙන වෙනම ශරීරයේ තැබූසේක.
නුඹ මට ඕනෑ නැතැයි අතට කියන්ට ඇසටවත්, නුඹලා මට ඕනෑ නැතැයි පාදවලට කියන්ට හිසටවත් නුපුළුවන.
සියල්ලෝම ප්‍රේරිතයෝද? සියල්ලෝම අනාගතවක්තෘවරුද? සියල්ලෝම ගුරුවරුද?
(පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.)