කන: මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ.
සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම් කොට සලකන්න;
නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.
ඉඳින් පාදය: මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමියි කීවත් ඒ නිසා ශරීරයට අයිති නොවන්නේ නොවේ.
මුළු ශරීරය ඇසක් නම් ඇසීම කොයිද? මුළු ශරීරය ඇසීම නම් ගඳදැනීම කොයිද?
එසේය, ශරීරයේ වඩා ඕනෑකරන්නේ වඩා දුර්වලව පෙනෙන අවයවයෝය.
පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.