ජීවිතේ හරිම වැදගත් කාලයක් තමයි තරුණ කාලේ. හරි පදනමක්, හොඳ වටිනාකම්, ක්‍රිස්තුස් වහන්සේ ඇතුළේ ශක්තිමත් අත්දැකීමක් නැති තරුණ අයට නරක පුරුදු වලට යන්න ලේසියි. ඒ නිසා තරුණ කාලේ ඉඳලම දෙවියන් වහන්සේව සොයා යන එක හරිම වැදගත්. අමාරු කාලවල් වලදී, පරීක්ෂාවන් වලදී, ජය ගන්න උදව් කරන්නේ දෙවියන් වහන්සේ. උන්වහන්සේව දැනගෙන, විශ්වාස කරලා, උන්වහන්සේට ප්‍රිය වෙන විදිහට ජීවත් වෙන තරුණ පරපුරක් දකින්න දෙවියන් වහන්සේ ආශාවෙන් ඉන්නවා. උන්වහන්සේගේ වචනය අල්ලගෙන, ආඥා පිළිපදින අයට ආශිර්වාද ලත් ජීවිතයක් ලැබෙනවා. අභියෝග ආවත්, දෙවියන් වහන්සේගේ අත ඔයාලට ඇති. උන්වහන්සේගේ කරුණාවෙන් ඔයාලට හිටගන්න පුළුවන්.
මේ වචන කියවන ඔයාට මතක් කරන්න ඕන, ක්‍රිස්තුස් වහන්සේ ඉක්මනින් එනවා කියලා. පරක්කු වෙන්න කලින්, උන්වහන්සේව සොයන්න. ජේසුස් වහන්සේගේ ප්‍රේමය නිසා අන්තිමය දක්වාම ඔයාලට ඔරොත්තු දෙන්න පුළුවන්. උන්වහන්සේ ඔයාලා එක් එක්කෙනා වෙනුවෙන් පුදුම සැලැස්මක් හදලා තියෙනවා. ඒක සොයාගන්න කාලේ අදමයි!
ඔයාලට මුහුණ දෙන්න වෙන අමාරුකම්, පරීක්ෂාවන් මැද්දෙත් දෙවියන් වහන්සේ ඔයාලත් එක්ක ඉන්නවා කියලා මතක තියාගන්න. ධෛර්යවත් වෙන්න. ස්වර්ගික පියාණන් ළඟට යන්න. ජයග්‍රහණය උන්වහන්සේ ඔයාලට දෙනවා.
යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත් ඇදහිල්ලත් ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න.
මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ඒත්තුගනු ලැබූ කල, තමන්ට ප්‍රේමකරන්නවුන්ට ස්වාමීන්වහන්සේ විසින් පොරොන්දුවුණාවූ ජීවනය නම් ඔටුන්න ලබන්නේය.
තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ මැවුම්කාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය. දේශනාකරන ප්‍රිය වචන සොයාගන්ට උත්සාහකෙළේය, ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණය. ප්‍රඥාවන්තයාගේ වචන කෙවිටිවලටද ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇණවලටද සමානය, ඒවා එක එඬේරෙකු විසින් දෙනලද්දේය. තවද මාගේ පුත්‍රය, මෙයින් දැනමුතුකම් ලබන්න. බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය. සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය. මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක. ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරුවන්නේය, වැස්සට පසුව වලාකුල් හැරී එන්නේය.
නුඹේ යෞවනකම සුළුකරන්ට කිසිවෙකුට ඉඩ නෑර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න.
සියලු දේ ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ.
එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු.
මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.
භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,
මක්නිසාද දෙවියන්වහන්ස, ඔබ අප සෝදිසිකළසේක. රිදී පරීක්ෂාකරන්නාක්මෙන් ඔබ අප පරීක්ෂාකළසේක.
නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක.
දෙවියන්වහන්ස, මාගේ යෞවන කාලයේ පටන් ඔබ මට ඉගැන්වූ සේක; මේ දක්වා ඔබගේ ආශ්චර්ය ක්‍රියා ප්‍රකාශකෙළෙමි.
වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න. මනුෂ්‍යයා කරන්නාවූ සියලු පව් ශරීරයෙන් පිටතය; නුමුත් වේශ්‍යාකම්කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව්කරන්නේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝවන පිණිසද නුඹට ශුභසිද්ධ වන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹේ පියාටද නුඹේ මවුටද ගෞරව කරව.
මාගේ පියාණෙනි, ඔබ මාගේ තරුණ වයසේ මිත්‍රයාව සිටිසේකැයි නුඹ මෙවක් පටන් මට අඬ නොගසන්නෙහිද?
දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න. මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත් පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න. එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන, සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පය ලා සිටින්න. ඒ සියල්ල ඇර, ඇදහිල්ල නැමති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය. ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න. සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න. යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්, නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න. නුමුත් මාගේ කාරණාත් මා සිටින්නේ කෙලෙසද කියාත් නුඹලා දැනගන්නා පිණිස, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද වූ තුඛීකස් සියල්ල නුඹලාට දන්වනවා ඇත. මේ අදහස පිණිසම, එනම් නුඹලා අපේ කාරණා දැනගන්න පිණිසත් ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත්, ඔහු නුඹලා වෙතට එවීමි. පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද සමාදානයත් ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයන්ට වේවා. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවංකකමින් ප්‍රේමකරන්නාවූ සියල්ලන්ට අනුග්‍රහය වේවා. නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය. පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.
එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි. මාගේ පාදය උන්වහන්සේගේ අඩි පාර අනුවම ගියේය; මම අහක් නොවී උන්වහන්සේගේ මාර්ගයෙහිම ගියෙමි.
දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.
දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.
එවිට ඔහු ඔවුන්ට කථාකොට: නුඹලා ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම්කර නොගත් අයට කොටස් යවන්න. මක්නිසාද අද දවස අපේ ස්වාමීන්වහන්සේට ශුද්ධය. ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය, එබැවින් ශෝක නොවෙන්නැයි කීවේය.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.
තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.
නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මවනු ලැබ දෙවියන්වහන්සේගේ කර්මාන්තයව සිටිමුව. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන්වහන්සේ ඒවා කලින් සූදානම්කළ-සේක.
අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න. නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා.
මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.
නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
තවද ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.
නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.
නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.
එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය. මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත. මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත. මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවියන්වහන්සේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද? නුඹලාගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹලා උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි. මම නුඹලාගේ ශුද්ධ තැනන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද නුඹලාගේ රජද වන ස්වාමීන්වහන්සේය. මුහුදෙහි මාර්ගයක්ද මහ ජලයන් මැදින් පාරක්ද සාදන්නාවූ, රථද අශ්වයන්ද සේනාවද බලවන්තයන්ද පිටතට පමුණුවා, ඔවුන් නොනැගිටින ලෙස එක්ව වැටීමට සහ සිදීයාමටද පහන්තිරය මෙන් නිවීයාමටද සලස්වන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පළමු කාරණා සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න. බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමඟ සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය.
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.
එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?
නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.
මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි, මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.
මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය; උන්වහන්සේගේ දයාබරකම් උන්වහන්සේගේ සියලු කර්මාන්ත කෙරෙහිය.
නුමුත් ලියා තිබෙන ලෙස: දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම්කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමින්නේය.
නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්–ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමාගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාළේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.
ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,