ඔබේ හදවතින්ම දේව පියාණන්ට නමස්කාර කිරීම, ඔබව සම්පූර්ණයෙන්ම උන්වහන්සේට යටත් කරන අසීමිත බලයක්. උන්වහන්සේගේ යහපත්කම ඔබට පැහැදිලිව පෙනෙනවා, තේරුම් යනවා. ඒ මොහොතේ, උන්වහන්සේගේ පැමිණීම ඉදිරියේ ඔබේ හදවත සහ මුළු ජීවිතයම බිඳී යනවා. කඳුළු නිවාගන්න බැරි වෙනවා. උන්වහන්සේ ඔබට කොතරම් යහපත්ද කියලා ඔබ දන්න නිසා. හදවතින්ම දෙවියන් වහන්සේට නමස්කාර කරන කෙනෙක් උන්වහන්සේ ඉදිරියේ බිඳී නොයා ඉන්න බෑ. ඒ කියන්නේ අඬන්නම ඕනේ නැහැ, බිම වැටෙන්නම ඕනේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේව අඳුරාගෙන, ශුද්ධව ජීවත් වෙන්න අධිෂ්ඨාන කරගන්න එක. ප්‍රශංසාව සහ නමස්කාරය තුළින් උන්වහන්සේගේ අප්‍රමාණ ක්‍රියා ඔබට මතක් වෙනවා. ඒ නිසා තමයි ඔබේ හදවතින්ම රජුට සැබෑ ගීතයක්, ප්‍රශංසාවක් ගලා එන්නේ. ප්‍රශංසාව තුළ කෘතඥතාවය සහ ප්‍රීතිය තියෙනවා. දෙවියන් වහන්සේ අපේ ජීවිතවල මහත් දේවල් කරලා තියෙනවා, ඉදිරියටත් පුදුම දේවල් කරයි. උන්වහන්සේගේ කරුණාව, මහිමය සහ අප කෙරෙහි ඇති ප්‍රේමය වෙනුවෙන් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. "සමිඳාණන් වහන්සේ මාගේ ශක්තිය සහ මාගේ පලිහය; උන්වහන්සේ කෙරෙහි මාගේ සිත විශ්වාස කරයි; මට උපකාර ලැබුණේය, මාගේ සිත ප්‍රීති වේ; මාගේ ගීතයෙන් මම උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි." (ගීතාවලිය 28:7). සමිඳාණන් වහන්සේගේ, එනම් උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාසවන්තකම සදාකාලිකයි. උන්වහන්සේ කවදාවත් අතුරුදහන් වෙන්නේ නැහැ. උන්වහන්සේ සැමවිටම විශ්වාසවන්තව ඉන්නවා කියලා දේව වචනයේ කියනවා. අපේ මැවුම්කරුට නමස්කාර කිරීමට අපට හේතු බොහොමයක් තියෙනවා. ඔබේ ආත්මයේ ගැඹුරින් පැන නගින, ආදරයෙන් පිරුණු, අසීමිත ප්‍රශංසාවක් උන්වහන්සේට දෙන්න. මොකද උන්වහන්සේ ඒකට සුදුස්සයි.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.
උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.
එහෙත් එතන සිට නුඹලා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයමින් නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද සොයන්නහු නම් උන්වහන්සේ නුඹට සම්බවනසේක.
උන්වහන්සේගේ ශික්ෂා පවත්වන්නාවූ, මුළු සිතින් උන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.
මාගේ දෙවිවූ ස්වාමිනි, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි.
ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.
දෙවියන්වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන්වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතනසේක.
මාගේ මුළු සිතින් ඔබට ස්තුතිකරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගීයෙන් ප්‍රශංසාකරන්නෙමි.
මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.
නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරව්. අවංකයින්ගේ සමාගමේදීද සභාවේදීද මාගේ මුළු සිතින් ස්වාමීන්ට ස්තුති කරන්නෙමි.
කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.
ස්වාමීන්වහන්සේට භයව නුඹලාගේ මුළු සිතින් උන්වහන්සේට සැබෑලෙස සේවයකරන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලා උදෙසා කොපමණ මහත්දේ කළසේක්ද කියා බලන්න.
නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.
දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
මම අලුත් සිතක් නුඹලාට දී, අලුත් ආත්මයක් නුඹලා තුළ තබා, නුඹලාගේ මාංසයෙන් ගල් සිත පහකොට, මාංසමයවූ සිතක් නුඹලාට දෙන්නෙමි.
මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහියයි කීමි.
නුමුත් මම ඔබගේ ශක්තිය ගැන ගී කියන්නෙමි; එසේය, අලුයම්හි ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනාකරන්නෙමි. මක්නිසාද ඔබ මාගේ බලකොටුවද මාගේ විපත්ති දවසේදී මට රක්ෂා ස්ථානයක්ද වූසේක.
ස්වාමීන්වහන්සේගේ නාමයට අයිති ගෞරවය දෙව්. පඬුරක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එව්. ශුද්ධවූ අලංකාරය ඇතුව ස්වාමීන්ට නමස්කාරකරව්.
එබැවින් දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.
එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.
මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව; මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,
ඉතින් ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත් නුඹේ යහපත පිණිස අද මා විසින් නුඹට අණකරන ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
අපි උන්වහන්සේගේ මණ්ඩපවලට යන්නෙමුව; උන්වහන්සේගේ පාපුටුව ළඟ නමස්කාරකරන්නෙමුව, ස්වාමිනි, නැගිට ඔබගේ ශක්තියේ ගිවිසුම්-පෙට්ටිය ඇතිව, ඔබගේ නිවාඩු ස්ථානයට වැඩිය මැනව. ඔබගේ පූජකයෝ ධර්මිෂ්ඨකමින් සැරසෙත්වා; ඔබගේ ශුද්ධවන්තයෝ ප්‍රීතිශබ්ද කෙරෙත්වා.
නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.
සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසාකරව. එම්බා සියොන් නගරය, ස්වාමීන්වහන්සේ, එනම් නුඹේ දෙවියන්වහන්සේ, සදාකාලේටද සියලු පරම්පරා දක්වාද රජකම්කරනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.
දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.
අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි ලියා තිබේ.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය, ප්‍රශංසාකිරීම හොබනේය.
නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,
දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.
ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන්ට නමස්කාරකරව්. පොළොවේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්.
මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය.
ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්.
මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව. මා ඔබගේ නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේය. ඔබගේ වචනය පවත්වන පිණිස සියලු නපුරු මාර්ගවලින් මාගේ පාද වලක්වාගතිමි. ඔබගේ විනිශ්චයන්ගෙන් ඉවත්ව නොගියෙමි; මක්නිසාද ඔබ මට ඉගැන්වූසේක. ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය. ඔබගේ නියෝගවලින් මට නුවණ ලැබේ. එබැවින් සියලු වංක මාර්ග නුරුස්සා හරිමි. ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි. මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව. ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව. මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.
උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබූසේක. බොහෝදෙනෙක් ඒ දැක, භයව,
මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.
කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.
ස්වාමීන්වහන්සේ තමන්ට යාච්ඤාකරන සියල්ලන්ට, එනම් සැබවින් උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන්ට, ළංව සිටිනසේක.
නුඹේ ගැළවීම ගැන අපි ජය ඝෝෂාකරන්නෙමුව, අපේ දෙවියන්වහන්සේගේ නමින් අපගේ කොඩි නගන්නෙමුව. ස්වාමීන්වහන්සේ නුඹේ සියලු ඉල්ලීම් ඉෂ්ටකරනසේක්වා.
දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති. එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව; මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ. මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනෙම්ද?