Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 27:42 - Sinhala Revised Old Version

42 තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වනලද්දේය; ඈ තමාගේ බාල පුත්‍රවූ යාකොබ් කැඳවා: බලව, නුඹේ සහෝදරවූ ඒසව් නුඹ නසන්ට සිතාගන නුඹ ගැන තමාම සනසාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුඩයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 27:42
11 හුවමාරු යොමු  

ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.


එහෙයින් මාගේ පුත්‍රය, නුඹ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න;


මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


ඔව්හු නපුරු කාරණයෙක්හි තමුන්ම ධෛර්යකරගනිති; මලපත් සඟවා තැබීම ගැන කථාකෙරෙති; ඒවා පෙනෙන්නේ කාටදැයි ඔව්හු කියති.


ඔව්හු නපුර කිරීමට සන්තෝෂවී, නපුරුකමේ ප්‍රයෝගවලට ප්‍රීතිමත්වෙති.


දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්‍රෙයෙලිය අහිනොවම් සහ කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටි අබීගායිල්ද වාලට අසුවී ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්