Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 27:41 - Sinhala Revised Old Version

41 ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 27:41
34 හුවමාරු යොමු  

ඔහුගේ සියලු සහෝදරයන්ට වඩා තමන්ගේ පියා ඔහුට ආදරය ඇති බව ඔහුගේ සහෝදරයෝ දැක ඔහු කෙරෙහි වෛරව ඔහු සමඟ සමාදානයෙන් කථාකරන්ට නොහැකිවූවෝය.


කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.


ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි.


එවිට ඔහුගේ සහෝදරයෝ: සැබවින් නුඹ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩ වඩා වෛරවූවෝය.


පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.


මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.


නුඹ නිරන්තරයෙන් සතුරුකම පවත්වමින් සිට අන්තිමයේ අයුතුකමේ කාලයට පැමුණුණු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විපත්ති කාලයේදී ඔවුන් කඩුවේ බලයට පාවාදුන් බැවින්,


මක්නිසාද ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු ලේ වැගිරීමට ඉක්මන්වෙති.


මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවූ කල ඔබ මාගේ මාවත දැනගත් සේක. මා ගමන්කරන මාර්ගයෙහි ඔව්හු මට මලපතක් සඟවා තැබුවෝය.


බොහෝ දුෂ්ටයන්ගේ වස්තු රාශියට වඩා ධර්මිෂ්ඨයාට ඇති ස්වල්පය යහපත.


මාගේ මිත්‍රයෙක් නොහොත් සහෝදරයෙක් මෙන් ඔහු ගැන ක්‍රියා කෙළෙමි. මෑණියන් ගැන ශෝකවන්නෙකුසේ දුකින් වැතිර සිටියෙමි.


ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙවෙනි රථයට නංවාගන යෙරුසලමට ආවෝය; ඔහු මැරී තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත්කරනලද්දේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද යොෂියා ගැන වැලපුණාහ.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ගැන තිස් දවසක් වැලපුණෝය. මෙසේ මෝසෙස් ගැන අඬා වැලපීමේ දවස් ඉකුත්විය.


ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්‍රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.


මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.


තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වනලද්දේය; ඈ තමාගේ බාල පුත්‍රවූ යාකොබ් කැඳවා: බලව, නුඹේ සහෝදරවූ ඒසව් නුඹ නසන්ට සිතාගන නුඹ ගැන තමාම සනසාගනියි.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


පසුව යෝසෙප් තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණකෙළේය. ඒ හැටියට වෙද්දු ඉශ්‍රායෙල්ගේ මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වා තැබූය.


ඔව්හු දුරදීම ඔහු දැක ඔහු මරණ පිණිස ඔහු ළඟට එන්ට මත්තෙන් මන්ත්‍රණය කරගත්තෝය.


එවිට යෝසෙප්ගේ සහෝදරයෝ තමන්ගේ පියා නැසීගිය බව දැක: සමහරවිට යෝසෙප් අපට වෛරකොට අප විසින් ඔහුට කළ සියලු නපුරුකම් ගැන සම්පූර්ණ ලෙස අපෙන් පළිගන්නේයයි කීවෝය.


කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු ඩබර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්