හෙබ්‍රෙව් 7:26 - සිංහල කාලීන පරිවර්තනය සැබවින් ම අපට ගැලපෙන්නේ පාරිශුද්ධ, නිර්දෝෂ, නො කැළැල්, පවිටුන්ගෙන් වෙන් වූ, ස්වර්ගවලට වඩා උසස් කරන ලද එබඳු උත්තම පූජකයාණන් කෙනෙකි. Sinhala New Revised Version අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය. Sinhala New Revised Version 2018 අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය. Sinhala Revised Old Version එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය. |
යේසුස් ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක්, දෙවියන්වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
දේව දූතයා ඇයට පිළිතුරු දෙමින්, “ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ කරා එන සේක. පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසාගනු ඇත. එබැවින් උපදින දරුවා ශුද්ධ ය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයි කියනු ලබන්නාහ.
පිලාත් තුන් වන වරටත් ඔවුන්ට කතා කරමින්, “කිමෙක් ද? මොහු මොන අපරාධයක් කළාට ද? මරණයට සුදුසු අපරාධයක් ඔහු අත මට හමු වුණේ නෑ. එබැවින් මම ඔහුට දඬුවම් කර, ඔහු නිදහස් කරනවා” යි කීවේ ය.
අප දඬුවම් ලබා ඇත්තේ යුක්ති සහගතවයි. අප විඳින්නේ අපම කළ දේවල පල විපාකයි. එනමුත් මේ මනුෂ්‍යයා කර ඇති වරදක් නැතැ” යි කීවේ ය.
සිදු වූ දේ දුටු සියයේ සේනාධිපතියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, “නිසැකයෙන්ම මේ මිනිසා නිදොස් කෙනෙකැ” යි පැවසී ය.
ඔවුන් අමතමින්, “ලියා තිබෙන්නේ මෙලෙසයි: ‘ක්‍රිස්තුස්වහන්සේ වධ-විඳින්ටත්, තුන් වන දවසේ මළවුන්ගෙන් නැගිටින්නටත් යුතුව ඇත.
තවත් දුරට ඔබ සමඟ මා කතා කරන්නේ නැත. මන්ද මේ ලෝකයේ අධිපතියා පැමිණේ. එහෙත් ඔහුට මා කෙරෙහි කිසිදු බලයක් නැත.
මා එවූ තැනැන්වහන්සේ මා සමඟයි. උන්වහන්සේ මා තනිකර නැත; මන්ද මා හැම විට කරන්නේ උන්වහන්සේ ප්‍රසන්න දේ යැ” යි කී සේක.
ඔබ කළේ පාරිශුද්ධ, ධර්මිෂ්ඨ තැනැත්තාණන් ප්‍රතික්ෂේප කර, මිනී මරුවකු ඔබට නිදහස් කරදෙන මෙන් ඉල්ලා සිටීමයි.
ඇත්තෙන්ම ඔබවහන්සේගේ ආලේපය ලද ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට හෙරෝද් හා පොන්තියුස් පිලාත්, අන්‍ය-ජාතීන් හා ඉශ්‍රායෙල් ජනයා සමඟ මේ නගරයේදී එක්රැස් වී ඇත.
පාපය නො දත් තැනැන්වහන්සේ අප උදෙසා පාපය වීමට දෙවියන්වහන්සේ සැලසූ සේක. එසේ කළේ, උන්වහන්සේ තුළ අප, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස ය.
උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.
අපගේ ඇදහිල්ලේ ආරම්භකයාණන් හා පරිසමාප්තකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඇස ගසාගෙන, වීර්යයෙන්ම දුවමු. උන්වහන්සේ තමන් අබියස පිළියෙලව තිබූ ප්‍රීතිය නිසා, අවමානය අවඥාවෙන් සලකා, කුරුසිය ඉසිලූ සේක්, දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳවනු ලැබූ සේක.
සියලු දේ පවතින්නේ කවුරුන් උදෙසා ද, කවුරුන් හේතු කොට ද ඒ තැනැන්වහන්සේ බොහෝ පුත්‍රයින් තේජසට ගෙනෙන කල, ඔවුන්ගේ ගැලවීමේ නිර්මාතෘන් වධ විඳීමේ අත්දැකීම් තුළින් සම්පූර්ණත්වයට පත්ව සිටීම යෝග්‍යව තිබිණි.
මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වාසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින්ම සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිණි.
එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න.
ලෙවීය පූජකත්වය මඟින් සම්පූර්ණත්වය අත්කර ගත හැකි වී නම්, (මන්ද ජනයා දහම් නීතිය ලද්දේ ඒ යටතේ ය) ආරොන්ගේ පිළිවෙළට අනුව පූජකයකු නම් කිරීම මිස, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව වෙනත් පූජකයකු නැගිටීමේ වැඩිපුර අවශ්‍යතාව කුමක් ද?
මෙසේ කීමෙන් අප අරමුණු කරන්නේ මෙයයි; ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳ සිටින, එවැනි උත්තම පූජකයාණන් කෙනකු අපට සිටින බවයි.
ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන්ම, සදාතන ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මඟින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!
උන්වහන්සේ ස්වර්ගයට පිවිස, දේව දූතයින් ද අධිපතීන් ද බලධාරීන් ද උන්වහන්සේට යටත් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින සේක.
අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව උන්වහන්සේ ය. අප උදෙසා පමණක් නො වේ; මුළු ලෝකයාගේම පාප උදෙසා ය.
“පිලදෙල්පියා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දාවිත්ගේ යතුර ඇති, කිසිවකුටත් වැසිය නො හැකි සේ විවර කරන, කිසිවකුටත් විවර කළ නො හැකි සේ වසා දමන ශුද්ධවූත්, සත්‍යවූත් තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.