ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 13:4 - සිංහල කාලීන පරිවර්තනය

විවාහය, සියලු දෙනා අතරේ ගෞරවයෙන් සලකනු ලබත්වා. විවාහ යහන දූෂ්‍ය නො වෙත්වා; මන්ද ලිංගික අනාචාරීන් හා පරදාරිකයින් දෙවියන්වහන්සේ විනිශ්චය කරනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 13:4
33 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ පිටත සිටින්නන් විනිශ්චය කරන සේක. “ඒ දුෂ්ටයා ඔබ අතරින් නෙරපා දමන්න.”


ලිංගික අනාචාරයෙන් පැන දුවන්න. මිනිසා කරන අන් හැම පාපයක්ම කරනුයේ ශරීරයෙන් පිටස්තරව ය. එහෙත් ලිංගික අනාචාරකම් කරන්නා, තමන්ගේම ශරීරයට එරෙහිව පව් කරයි.


අධර්මිෂ්ඨයින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති වග, ඔබ දන්නේ නැති ද? නො රැවටෙන්න. ලිංගික අපචාරීන්, පිළිම වඳින්නන් හෝ පරදාර සේවනයේ යෙදෙන්නන්, සමලිංගික සේවනයේ යෙදෙන දෙගොල්ලම හෝ


මෙසේ තම කන්‍යාවිය ආවාහ කරගන්නා හරි දේ කරයි. එසේ විවාහ වීමෙන් වැළකී සිටින්නා වඩා හරි දේ කරයි.


සෙසු අපෝස්තුලුවරුන් ද ස්වාමින්වහන්සේගේ සහෝදරයින් හා කේපස් ද මෙන් ඇදහිලිවත් භාර්යාවක කැටිව යන්නට අයිතිය අපට නැද්ද?


මන්ද ශරීරයේ සිටියදී හොඳ හෝ නරක හෝ වේවා, එකිනෙකා කළ කළ දේ අනුව පල විපාක ලබන පිණිස, අප සියල්ලන්ම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතුම ය.


මාංසයේ ක්‍රියා පැහැදිලි ය. ඒවා නම්: ලිංගික අනාචාරය, අපවිත්‍රතාව හා ඉන්ද්‍රියයන් පිනවීම,


කුඩුකේඩුකම, බේබදුකම, අසංවර සාද හා තවත් එවන් දෑ ය. මේ දෑ කරන්නන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ උරුමය ලබන්නේ නැති බැව් කලින් මා කී ලෙස, දැනුත් මම අනතුරු හඟවමි.


මේ වග නිසැකව දැනගන්න! අනාචාරකම් කරන්නකුට, දුරාචාරයේ යෙදෙන්නකුට, තණ්හාව නැමති රූප අදහන්නකුට ක්‍රිස්තුස්වහන්සේගේ හා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කිසි උරුමයක් නැත.


මේ සම්බන්ධව කිසිවකු තම සහෝදරයා රවටා, වාසියක් ලබා නො ගත යුතු ය. අප ඔබට පවසා ඇති පරිදි, අප ඔබට අවවාද දී ඇති පරිදි ඒවාට ස්වාමින්වහන්සේ පළිය ගන්නා සේක.


උපස්ථායකයා එක භාර්යාවකට ස්වාමි පුරුෂයාව, තම දරුවන් හා තම පවුල මැනවින් හසුරුවා ගනිත්වා.


එබැවින් නායකයා දොසක් දැකිය නො හැකි, එක භාර්යාවකට ස්වාමි පුරුෂයා වූ, පමණ දැන කටයුතු කරන, සංයමයෙන් යුතු, ගරු කටයුතු වූ, ආගන්තුක සත්කාරයට ලැදි, ඉගැන්වීමෙහි සමත් අයකු විය යුතු ය.


ඔහු තමාගේ පවුල මැනවින් හසුරුවා ගන්නා වූ, ගරුත්වය ආරක්ෂාකර ගනිමින්, තම දරුවන් තමාට අවනත කරගන්නා කෙනකු විය යුතු ය.


ඔවුහු විවාහය තහනම් කරති; විශ්වාස කරන, සත්‍යය දැන සිටින ඇදහිලිවතුන් ස්තුති දීමෙන් යුතුව භුක්ති විඳින පිණිස, දෙවියන්වහන්සේ මැවූ ආහාර තහනම් කරති.


එබැවින් තරුණ වැන්දඹුවන් විවාහ වන ලෙසත්, දරුවන් ලබන ලෙසත්, තම ගේ-දොර බලාගන්නා ලෙසත්, එමඟින් අපවාද නැගීමට සතුරාට ඉඩ නො තබන ලෙසත් උපදෙස් දෙමි.


ඔවුන් දෝෂ රහිත විය යුතු අතර, එක් භාර්යාවකට ස්වාමි පුරුෂයා විය යුතු ය. ඔහුගේ දරුවන් ඇදහිලිවතුන් විය යුතු අතර, නො හික්මීම හා අකීකරුවීම යන දෝෂ දර්ශනයට ලක් නො වූ අය විය යුතු ය.


කිසිවකුත් ලිංගික අනාචාරයේ නො ගැලෙන ලෙසට හා එක කෑම වේලකට තම කුලුඳුල්කම විකුණූ ඒසව් මෙන් නො වන ලෙසට වගබලා ගන්න.


පිටත සිටින්නෝ බල්ලෝ ය. මන්තර ගුරුකම්කරුවෝ ය, ලිංගික අපචාරීහු ය, මිනීමරුවෝ ය, පිළිම රූප වඳින්නෝ ය, මිථ්‍යාවට ආලය වී, ඒ අනුව ක්‍රියා කරන්නෝ ය.