Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 13:3 - සිංහල කාලීන පරිවර්තනය

3 ඔබත් ඔවුන් අතර සිටිතැයි සලකා, සිරගතව සිටින්නන් ද ඔබත් සිටින්නේ ශරීරයක බැවින් වධ වේදනා විදින්නන් ද සිහිපත් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුඹලාත් බැඳී සිටින්නාක්මෙන් බැඳුම්වල සිටින්නන්ද, නුඹලාත් ශරීරයෙහි සිටින බැවින් දුක්විඳින්නන්ද සිහිකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 13:3
19 හුවමාරු යොමු  

මා නිර්වස්ත්‍රව සිටියා; ඔබ මට ඇඳුම් ඇඳවූවා. මා රෝගීව සිටියා; ඔබ මට සැලකුවා. මා සිරගතව සිටියා. ඔබ මා බලන්නට ආවා’ යි කියනු ඇත.


සිරගත කරනු ලැබූවන්ට ඔබ අනුකම්පාවෙන් සැලකූ අතර ඔබේ දේපළ කොල්ල කෑ කල, සතුටු සිතින් එය බාර ගත්තේ, වඩා හොඳ හා පවතින හිමිකමක් ඔබට ඇති වග දැනගෙන ය.


ප්‍රීති වන්නන් සමඟ ප්‍රීතිවන්න. ශෝක වන්නන් සමඟ ශෝක වන්න.


එවිට එක් අවයවයක් වේදනා විඳී නම්, සියලු අවයව එය සමඟ වේදනා විඳී; එක් අවයවයක් ගෞරව ලබයි නම්, සියලු අවයව ඒ සමඟ ප්‍රීති වේ.


පාවුල් වන මගේම අතින් මේ ආචාරය ලියමි. මා බැඳි සිර-බැඳුම් ගැන සිහි කරන්න. අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!


අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිතව, සහෝදර ප්‍රේමයෙන් යුතුව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න.


මා ආගන්තුකව සිටියා; ඔබ මා පිළිගත්තේ නෑ. මා නිර්වස්ත්‍රව සිටියා; ඔබ මට ඇඳුම් ඇන්ඳුවේ නෑ. මා රෝගීව සිටියා; සිරගතව සිටියා; ඔබ මා බලන්නට ආවේ නෑ’ යි කියනු ඇත.


තවද පාවුල් සිර බාරයේ තබන ලෙසත්, තරමක නිදහසක් ඔහුට දෙන ලෙසත්, ඔහුගේ අවශ්‍යතා සොයා බලන්නට ඔහුගේ මිතුරන්ට තහනම් නො කරන ලෙසත්, සියයේ හේවාපන්න නිලධාරියකුට ඔහු නියෝග කළේ ය.


එබැවින්, ස්වාමින්වහන්සේ උදෙසා සිරකරුවකු වන මා උදක්ම ඔබෙන් ඉල්ලා සිටින්නේ, ඔබ ලද කැඳවීමට ඔබින අයුරින් ජීවත් වන ලෙසයි.


පසු දින අපි සීදොන්ට ගොඩ බැස්සෙමු. ජුලියස්, පාවුල්ට කාරුණික වී, ඔහුගේ මිතුරන් හමුවට යෑමටත්, ඔවුන් වෙතින් ඔහුගේ අවශ්‍යතා සපයා ගැනීමටත් ඉඩ දුන්නේ ය.


ඔවුහු මැරෙන තුරා ගල් ගසනු ලැබූහ; කියතින් දෙකට ඉරනු ලැබූහ; කඩුවෙන් මරා දමනු ලදහ. ඔවුහු අනාථ භාවයට, වධයට, අසාධාරණයට ගොදුරු වෙමින් එළු හම් හා බැටළු හම් පමණකින් විළි වසාගෙන, තැන් තැන්හි ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්