“දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්‍ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා.
හෙබ්‍රෙව් 10:14 - සිංහල කාලීන පරිවර්තනය මන්ද පවිත්‍රත්වයට පමුණුවනු ලබන්නවුන්, ඒ එකම පූජාවෙන් උන්වහන්සේ හැම කාලයකටම සම්පූර්ණත්වයට පත් කළ සේක. Sinhala New Revised Version මන්ද, උන් වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එක ම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක. Sinhala New Revised Version 2018 මන්ද, උන් වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එක ම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක. Sinhala Revised Old Version මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක. |
“දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්‍ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා.
එසේ යන අතර, මද්දහනේ පමණ අහෝ රජතුමනි! හිරුටත් වඩා දීප්තිමත් ආලෝක ධාරාවක් අහසින් විහිදී මා ද මගේ සගයින් ද වටා බැබළෙනු දැක්කෙමි.
ඒ අනුව දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ පූජක මෙහෙවර තුළ, අන්‍ය-ජාතීන් උදෙසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයකු කරනු ලැබ සිටින්නේ, අන්‍ය-ජාතිකයින් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබ, දෙවියන්වහන්සේට පිළිගත මනා පූජාවක් වන පිණිස ය.
කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පවිත්‍ර කරන ලදුව, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලද්දවුන් වූ ඔවුන් හා අප දෙගොල්ලන්ගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන, සියලු තැන්හි වෙසෙන සියල්ලන් වෙතයි.
දහම් නීතිය, මතු පැමිණෙන හොඳ දේවල ඡායාවක් මිස, ඒවායේ යථා තත්වය නො වන බැවින්, වසරක් පාසා යළි යළිත් ඔප්පු කරන එකම විදියේ පූජාවලින්, ළඟාවන්නන් සම්පූර්ණත්වයට ගෙන ඒමට ඊට කොහෙත්ම නුපුළුවන.
එම කැමැත්ත අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සදහට එක් වරක් පමණක් පූජා කරනු ලැබීමෙන්, අපි පවිත්‍ර කරනු ලැබ සිටිමු.
එහෙත්, පාප උදෙසා සදහට ම එක් යාගයක් පිදූ මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක.
මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක.
මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එකම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි.
(මන්ද දහම් නීතිය කිසිවක් පරිපූර්ණත්වයට පත් කරන්නේ නැත.) එහෙත් අනෙක් අතට, දෙවියන්වහන්සේ වෙතට අප ළං කරවන, වඩා හොඳ බලාපොරොත්තුවක් හඳුන්වා දී තිබේ.
එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.
ඒවා නව ආරේ කාලය උදා වන තෙක්, ශරීරය උදෙසා පනවන ලද, හුදෙක් ආහාර හා පාන ද නොයෙකුත් සේදීම්වලින් ද යුක්ත රෙගුලාසි පමණි.
ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන්ම, සදාතන ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මඟින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු ද යාකොබ්ගේ සොහොයුරා ද වන යූද් වෙතිනි; පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ තුළ ප්‍රේමණීයයන් වීමට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සුරක්ෂිතව තැබීමට කැඳවුම් ලද්දවුන් වෙතයි.