Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 10:10 - සිංහල කාලීන පරිවර්තනය

10 එම කැමැත්ත අනුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සදහට එක් වරක් පමණක් පූජා කරනු ලැබීමෙන්, අපි පවිත්‍ර කරනු ලැබ සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහට ම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහට ම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 10:10
25 හුවමාරු යොමු  

මන්ද පවිත්‍රත්වයට පමුණුවනු ලබන්නවුන්, ඒ එකම පූජාවෙන් උන්වහන්සේ හැම කාලයකටම සම්පූර්ණත්වයට පත් කළ සේක.


එහෙත්, පාප උදෙසා සදහට ම එක් යාගයක් පිදූ මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක.


ඔබ ඇතැම්හු එවැන්නන්ව සිටියහ. එහෙත්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් ඔබ සෝදනු ලැබුවහු ය; පවිත්‍ර කරනු ලැබුවහු ය; නිදොස් කරනු ලැබුවහු ය.


ඒ උදෙසා එකම වරක් උන්වහන්සේ තමන්ම පූජා වූ බැවින්, සෙසු උත්තම පූජකයින් මෙන්, පළමුව තමන්ගේ පාප උදෙසාත්, ඉන්පසු ජනතාවගේ පාප උදෙසාත් දිනපතා යාග පූජා ඔප්පු කිරීමේ අවශ්‍යතාවක් උන්වහන්සේට නැත.


සත්‍යතාවෙන් ඔවුන් කැප වන පිණිස මම ඔවුන් උදෙසා මා කැප කර ගනිමි.


මෙසේ යේසුස්වහන්සේ ද ස්වකීය ලෙයින් ජනයා පවිත්‍ර කරනු පිණිස, නගර දොරටුවෙන් පිටතදී වධ වින්ද සේක.


දෙවියන්වහන්සේ කරණකොටගෙන ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහු ය. අපගේ ප්‍රඥාවත්, ධර්මිෂ්ඨකමත්, අපගේ පවිත්‍රතාව හා අපගේ මිදීමත් ක්‍රිස්තුස්වහන්සේම බවට පත් කළේ ද දෙවියන්වහන්සේ ය.


ක්‍රිස්තුස්වහන්සේ බොහෝ දෙනකුගේ පාප දරා ගැනීමට එකම වරක් පූජා වූ සේක; පාප ඉසිලීමට නො ව, උන්වහන්සේගේ ඊම ආශාවෙන් බලා සිටින්නන් ගලවන පිණිස, උන්වහන්සේ දෙවන වරටත් පෙනී සිටින සේක.


ශුද්ධස්ථානයට ඇතුළු වූයේ, එළු ලේ හා ගව ලේ මඟින් නො ව, තමන්වහන්සේගේ ලේ මඟින් සදාතන මිදීම සලසමින්, සදහට ම එක් වරක් පමණි.


“පාපයට අප මැරී, ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, උන්වහන්සේ ස්වකීය ශරීරයෙන් ගස පිටදී අපගේ පාප දරාගත් සේක. උන්වහන්සේගේ තුවාලවලින් ඔබ සුව කරනු ලැබ ඇත.”


ස්වකීය ශරීරය නැමති තිරය මැදින් ඇතුළු වීමේ අලුත්, ජීවමාන මාර්ගයක් අපට විවෘත කර දුන් බැවින්


එසේ වී නම්, ලොව මැවූ තැන් පටන් බොහෝ වරක් වධ වේදනා විඳින්නට උන්වහන්සේට සිදුවන්නට තිබිණි. එහෙත් දැන් ඇති පරිදි උන්වහන්සේ තමන්ම යාගවීමෙන් පාපය දුරු කරන පිණිස, යුගවල අවසානයේදී සදහට ම එක් වරක් පමණක් පෙනී සිටි සේක.


එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මඟින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්,


වතුරින් හා ලෙයින් පැමිණි තැනැත්තාණෝ මොහු ය; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. වතුරින් පමණක් නො වේ; වතුර හා ලෙයින් ය. සාක්ෂි දරන්නේ ආත්මයාණන්වහන්සේ ය. මන්ද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවය ය.


එසේ වුවත් හේවායින්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන්වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එසැණේම ලේත්, වතුරත් එතැනින් ගලා ආවේ ය.


මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එකම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි.


එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක: යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක. ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක;


ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංසයැ” යයි ප්‍රකාශ කළ සේක.


දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.


උන්වහන්සේ එසේ කළේ, වචනය මඟින් ජලයෙන් සේදීමෙන් ඇය පවිත්‍ර කර, ශුද්ධවත් කිරීමටත්,


යේසුස්වහන්සේ මාංසයේ විසූ දවස්හි, තමන් මරණින් ගැලවීමට සමත් තැනැන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුතුව, යාච්ඤා හා අයැදුම් ඔප්පු කළ සේක්, උන්වහන්සේගේ දේව ගරු බිය හේතුවෙන් එය අසනු ලැබිණ.


ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන්ම, සදාතන ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මඟින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!


ඒ එසේ නම්, ඔබ සිතන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගා දැමුවාවූත්, තමන් පවිත්‍ර කරන ලද ගිවිසුමේ ලේ අශුද්ධ සේ සැලකුවාවූත්, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට නිග්‍රහ කළාවූත් අය කොතරම් බරපතළ දඬුවමකට නියම වෙතැයි කියා ද?


මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්