ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 9:49 - සිංහල කාලීන පරිවර්තනය

යොහන් කතා කරමින්, “ගුරුතුමනි, කෙනෙක් ඔබගේ නාමයෙන් යක්ෂාත්ම දුරු කරනු අප දැක්කා. ඔහු නවතන්නට අප උත්සාහ කළා; මන්ද ඔහු අපේ පිරිසේ කෙනෙක් නො වේ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජොහන් කතා කරමින්, “ස්වාමීනි, එක් මිනිසෙක් ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අපේ පක්ෂයට අයිති නැති නිසා ඔහුට තහනම් කෙළෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජොහන් කතා කරමින්, “ස්වාමීනි, එක් මිනිසෙක් ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අපේ පක්ෂයට අයිති නැති නිසා ඔහුට තහනම් කෙළෙමු”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යොහන් උත්තරදෙමින්: ආචාරිනි, එක්කෙනෙකු ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරුකරනවා දුටිමුව; ඔහු අප අනුවනේන නිසා ඔහුට තහනම්කෙළෙමුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න



ලූක් 9:49
10 හුවමාරු යොමු  

එහෙත් යොහන්, “මා ඔබෙන් බව්තීස්ම ලැබිය යුතුව තිබියදී ඔබ මා වෙත එනවා දැ?” යි කියමින් උන්වහන්සේ වැළැක්වීමට වෙර දැරී ය.


සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය.


ඒ දෙදෙන යේසුස්වහන්සේ වෙතින් ඉවත යද්දී උන්වහන්සේ ඇමතූ පේතෘස්, තමා කියන්නේ කුමක්දැයි නො දැන, “ස්වාමිනි, මෙහි සිටීම අපට හොඳයි; අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝස‍ෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය.


“මේ නාමයෙන් ජනතාවට නූගන්වන ලෙස අපි නුඹලාට තරයේම නියෝග කළෙමු. එහෙත් නුඹලා, නුඹලාගේ ඉගැන්වීම්වලින් මුළු යෙරුසලම් නගරයම පුරවා, මේ මිනිසාගේ ලේ ගැන අප වරදකරුවන් කරන්නට අදහස් කරති” යි කීවේ ය.


අන්‍ය-ජාතීන් ගැලවීම ලබන පිණිස ඔවුන්ට වචනය කතා කිරීමෙන් අප වැළැක්වීමෙනි. මේ අයුරින් ඔවුහු නිරතුරු තම පාප උපරිම සීමාව දක්වා ගොඩගසා ගනිති. අවසානයේදී දෙවියන්වහන්සේගේ උදහස ද ඔවුන් පිට වැටී ඇත.