Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 3:14 - සිංහල කාලීන පරිවර්තනය

14 එහෙත් යොහන්, “මා ඔබෙන් බව්තීස්ම ලැබිය යුතුව තිබියදී ඔබ මා වෙත එනවා දැ?” යි කියමින් උන්වහන්සේ වැළැක්වීමට වෙර දැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එහෙත්, ජොහන් උන් වහන්සේ වළක්වමින්, “ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැබිය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත්, ජොහන් උන් වහන්සේ වළක්වමින්, “ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැබිය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුමුත් යොහන් උන්වහන්සේ වලක්වමින්: ඔබගෙන් බව්තීස්මය ලබන්ට මට යුතුව තිබියදී ඔබ මා වෙතට එනසේක්දැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 3:14
16 හුවමාරු යොමු  

ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක.


එහෙත් පොරොන්දුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහාගන්නන්ට දෙනු ලබන පිණිස, ලියවිල්ල හැම දෙයක්ම පාපය යටතේ සිරකර තැබී ය.


උන්වහන්සේගේ ලේ තුළ ඇදහීම මඟින්, පාප වන්දි නිවාරණය ලබා ගැනීමට සලසා දුන්නේ දෙවියන්වහන්සේ ය. එසේ කර ඇත්තේ, තමන්වහන්සේගේ දිව්‍ය ඉවසිලිවත්කම හේතු කොට, පෙර කල්හි කළ පාප නො සලකා හැරීමෙන්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වීමට ය.


මන්ද සියල්ලෝම පව් කොට, දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරිහී සිටිති,


උන්වහන්සේගේ පූර්ණත්වයෙන් අප හැම අනුග්‍රහ පිට අනුග්‍රහ ලැබීමු.


එනමුත්, මාගේ ස්වාමින්වහන්සේගේ මෑණියන් මා වෙත ඒමට තරම් ගෞරවයක් මා ලද්දේ කුමක් හෙයින් ද?


එකල යේසුස්වහන්සේ ගලීලයේ සිට යොර්දානයට පැමිණ, යොහන්ගෙන් බව්තීස්මය ලැබූ සේක.


එහෙත් යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දැනට ඉඩ දෙන්න; මන්ද සියලු ධර්මිෂ්ඨකම් මෙලෙස ඉටු කිරීම අපට යෝග්‍යයැ” යි කී සේක. එවිට යොහන් ඊට එකඟ විය.


සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක්ම එය වළක්වනු ලැබූ වග ඔබ දැන ගන්නවාට කැමතියි.


දිගටම පූජක පදවිය දැරීම මරණය විසින් වළක්වන ලද නිසා, ලෙවීය පූජකයෝ ගණනින් බොහෝ වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්