Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:33 - සිංහල කාලීන පරිවර්තනය

33 ඒ දෙදෙන යේසුස්වහන්සේ වෙතින් ඉවත යද්දී උන්වහන්සේ ඇමතූ පේතෘස්, තමා කියන්නේ කුමක්දැයි නො දැන, “ස්වාමිනි, මෙහි සිටීම අපට හොඳයි; අපි කූඩාරම් තුනක් හදමු; ඔබට එකක්, මෝස‍ෙස්ට එකක්, එලියාට එකක්” යැයි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 තවද, මෝසෙස් සහ එලියා උන් වහන්සේ වෙතින් වෙන් ව යද්දී, පේදුරු තමා කුමක් කියන්නේ දැ යි නොදැන, “ස්වාමීනි, මෙ‍හි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු; එකක් ඔබට ය, එකක් මෝසෙස්ට ය; එකක් එලියාට ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 තවද, මෝසෙස් සහ එලියා උන් වහන්සේ වෙතින් වෙන් ව යද්දී, පේදුරු තමා කුමක් කියන්නේ දැ යි නොදැන, “ස්වාමීනි, මෙ‍හි සිටීම අපට වාසනාවකි. එබැවින් මණ්ඩප තුනක් සාදමු; එකක් ඔබට ය, එකක් මෝසෙස්ට ය; එකක් එලියාට ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 තවද ඔවුන් උන්වහන්සේ වෙතින් වෙන්ව යද්දී, පේතෘස් තමා කියන්නේ කුමක්දැයි නොදන්නේ: ආචාරිනි, අපට මෙහි සිටීම යහපත. එබැවින් කූඩාරම් තුනක් සාදමු; ඔබට එකක්ය, මෝසෙස්ට එකක්ය, එලියාට එකක්යයි උන්වහන්සේට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:33
13 හුවමාරු යොමු  

මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙනු” යි කී දෙවියන්වහන්සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙන් දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය අප හදවත්හි බැබළවූ සේක.


පිලිප් කතා කරමින්, “ස්වාමිනි, අපට පියාණන්වහන්සේ පෙන්වන්න. එයම අපට ඇති” යි කීවේ ය.


සීමොන් පිළිතුරු දෙමින්, “ගුරුතුමනි, රෑ මුළුල්ලේම වෙහෙස දරලත් අපට ලැබුණු දෙයක් නැහැ. එනමුත් ඔබතුමාගේ වචනය නිසා මම දැල් හෙළන්නෙමි” යි කීවේ ය.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලන්නේ කුමක් ද කියා ඔබ දන්නේ නැත. මා බොන කුසලාන බොන්නට හෝ මා බව්තීස්ම කරනු ලබන බව්තීස්මයෙන් ඔබටත් බව්තීස්මය ලබන්නට පුළුවන් දැ?” යි ඇසූ සේක.


ඔවුන් යළි ජන සමූහයා වෙත පැමිණි කල, එක් මිනිසෙක් උන්වහන්සේ වෙත අවුත්, උන්වහන්සේ අබියස දණින් වැටී,


එවිට පේතෘස් යේසුස්වහන්සේ අමතා, “ස්වාමිනි, මෙහි සිටීම අපට හොඳයි; ඔබ කැමති නම්, මම කූඩාරම් තුනක් සාදන්නම්; ඔබට එකක්, මෝස‍ෙස්ට එකක්, එලියාට එකක්” යැයි පැවසී ය.


ඔහු එසේ කියද්දී වලාකුළක් ඔවුන් වසා ගත්තේ ය. වලාවෙන් වැසී ගිය කල, ඔවුහු බය වූහ.


යොහන් කතා කරමින්, “ගුරුතුමනි, කෙනෙක් ඔබගේ නාමයෙන් යක්ෂාත්ම දුරු කරනු අප දැක්කා. ඔහු නවතන්නට අප උත්සාහ කළා; මන්ද ඔහු අපේ පිරිසේ කෙනෙක් නො වේ” යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්