“ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ හිතන්නේ කොහොම ද? උන්වහන්සේ කවරකුගේ පුත්‍රයා දැ?” යි ඇසූ සේක. “දාවිත්ගේ පුත්‍රයා යැ” යි ඔවුහු පැවසූහ.
ලූක් 9:20 - සිංහල කාලීන පරිවර්තනය එවිට උන්වහන්සේ, “කුමක් ද ඔබ කියන්නේ? ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි ඇසූ සේක. පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීවේ ය. Sinhala New Revised Version “එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය. Sinhala New Revised Version 2018 “එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. “ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය. Sinhala Revised Old Version නුමුත් නුඹලා මා කවුරුය කියනවාදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. පේතෘස් උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්යයි කීවේය. |
“ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ හිතන්නේ කොහොම ද? උන්වහන්සේ කවරකුගේ පුත්‍රයා දැ?” යි ඇසූ සේක. “දාවිත්ගේ පුත්‍රයා යැ” යි ඔවුහු පැවසූහ.
එහෙත් යේසුස්වහන්සේ නිහඬව සිටි සේක. එවිට උත්තම පූජකයා උන්වහන්සේ අමතමින්, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ ඔබ නම්, ඒ වග අපට කියන ලෙස, ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඔබට අණ කරමි” යි පැවසී ය.
ඔබ ආචාර කරන්නේ ඔබගේ සහෝදරයින්ට පමණක් නම්, අන් අය කරනවාට වඩා එහි ඇති පලේ කුමක් ද? විජාතිකයෝ පවා එසේ නො කරත් ද?
එහෙත් උන්වහන්සේ පිළිතුරු නො දී නිහඬව සිටි සේක. එවිට උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුස්වහන්සේ ද? ආශිර්වාද ලද්දාණන්වහන්සේගේ පුත්‍රයා දැ?” යි ඇසී ය.
“හොඳයි, ඔබ කියන්නේ මා කවරෙක් ය කියා දැ?” යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ” යි කීවේ ය.
“ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම්, අපට කියන්නැ” යි කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නෑ.
ඔවුහු පිළිතුරු දෙමින්, “යොහන් බව්තීස්ත ය කියා ය, සමහරු දිවැසිවර එලියා ය කියා ද අන් සමහරු පෙර විසූ දිවැසිවරයෙක් නැගිට ඇත කියා ද කියති” යි කීහ.
පළමු කොට අන්දෘ කළේ, තම සහෝදර සීමොන් සොයා ගොස්, “අපට මෙසියස්වහන්සේ හමු වුණා” යි කීම ය. (මෙසියස්වහන්සේ යනු ක්‍රිස්තුස්වහන්සේ ය).
එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය.
ඕ පිළිතුරු දෙමින්, “එහෙමයි ස්වාමිනි, ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ ලෝකයට එන්නට සිටි තැනැත්තාණන් වග මම විශ්වාස කරමි” යි කීවා ය.
එනමුත් මේ දෑ ලියන ලද්දේ, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම වග, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වග ඔබ විශ්වාස කරන පිණිසත්, එසේ විශ්වාස කිරීමෙන් උන්වහන්සේගේ නාමය තුළ ජීවනය අත්කර ගන්නා පිණිසත් ය.
“වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක්ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය.
ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.
අන් සමහරු, “මේ නම් ක්‍රිස්තුස්වහන්සේ යැ” යි කීහ. තවත් අය, “ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් ඒ ද?
ක්‍රිස්තුස්වහන්සේ පීඩා විඳින්නටත්, මළවුන්ගෙන් නැගිටින්නටත් නියමව සිටි වග සනාථ කරමින්, ඔවුන්ට කරුණු පැහැදිලි කළේ ය. තවද, “මා ඔබට ප්‍රකාශ කරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම යැ” යි පැවසී ය.
ඔවුන් මෙසේ යද්දී, මග අසල ජලය තිබූ තැනකට ඔවුහු ළඟා වූහ. එකල, “මෙන්න ජලය! බව්තීස්මය ලබන්නට මට බාධාවක් තියේ දැ?” යි නපුංසකයා ඇසී ය.
එහෙත් සාවුල්, කතාවේ වඩ වඩා බලවත් වෙමින්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම වග සනාථ කරමින් දමස්කයේ විසූ යුදෙව්වන් නිරුත්තර කළේ ය.
යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක්ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති.