යේසුස්වහන්සේ එම දොළොස් දෙනාට මෙසේ උපදෙස් දෙමින්, ඔවුන් පිටත් කර හැරිය සේක: “අන්‍ය-ජාතීන් අතර කිසි තැනකට හෝ සමාරියයන්ගේ කිසි නගරයකට ඇතුළු නො වී,
ලූක් 9:2 - සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කිරීමටත්, රෝගීන් සුව කිරීමටත් ඔවුන් පිටත් කර යැවූ සේක. Sinhala New Revised Version දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූ සේක. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූ සේක. Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්ටත් රෝගීන් සුවකරන්ටත් ඔවුන් යැවූසේක. |
යේසුස්වහන්සේ එම දොළොස් දෙනාට මෙසේ උපදෙස් දෙමින්, ඔවුන් පිටත් කර හැරිය සේක: “අන්‍ය-ජාතීන් අතර කිසි තැනකට හෝ සමාරියයන්ගේ කිසි නගරයකට ඇතුළු නො වී,
යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.
රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.
මෙයින් පසු ස්වාමින්වහන්සේ තවත් හැත්තෑදෙදෙනකු පත් කර, උන්වහන්සේ යෑමට අදහස් කළ සියලු නගර හා පෙදෙස් කරා දෙදෙනා බැගින් තමන්ට පෙරටුව ඔවුන් පිටත් කළ සේක.
‘අපේ පා වැකුණු ඔබේ නගරයේ දූලි පවා ඔබට එරෙහිව මෙසේ ගසා දමන්නෙමු. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළංව ඇති බව දැනගන්නැ’ යි ඔවුන්ට කියන්න.
“දහම් නීතියත්, දිවැසිවරුනුත් යොහන් දක්වා බලපැවැත්විණි. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කෙරේ. සියලු දෙනා බලයෙන් ඊට ඇතුළු වෙති.
එහෙත් ඒ වග දැනගත් සමූහයා, උන්වහන්සේ පසුපසින් ඇදී ගියහ. සාදරයෙන් ඔවුන් පිළිගත් උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කියා දී, සුවය අවැසි අය සුව කළ සේක.