Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:3 - සිංහල කාලීන පරිවර්තනය

3 උන්වහන්සේ ඔවුන් අමතමින්, “ගමනට කිසිවක් ගෙන යන්න එපා; සැරයටියක්, ගමන් මල්ලක්, හෝ රොටීවත්, මුදල් හෝ අමතර ඇඳුමක්වත් ගෙන යන්න එපා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “චාරිකාව සඳහා කිසිවක් නොගන්න; සැරයටියක් වත්, මල්ලක් වත්, රොටි වත්, මිලමුදල් වත්, කමිස දෙකක් වත් නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “චාරිකාව සඳහා කිසිවක් නොගන්න; සැරයටියක් වත්, මල්ලක් වත්, රොටි වත්, මිලමුදල් වත්, කමිස දෙකක් වත් නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගමනට කිසිවක් එනම් සැරයටියක්වත් මල්ලක්වත් රොටිවත් මුදල්වත් කබා දෙකක්වත් නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:3
12 හුවමාරු යොමු  

උන්වහන්සේ කතා කරමින්, “මුදල් පසුම්බියක්වත්, ගමන් මල්ලක්වත්, පාවහන්වත් නැතිව මා ඔබ පිටත් කර යැවූ විට, ඔබට කිසි හිඟයක් වීදැ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නැතැ” යි ඔවුහු කීහ.


තමා බඳවාගත් නිලධාරියා සතුටු කිරීමේ අරමුණ ඇති හේවායකු, සමාජයීය කටයුතුවල පටලැවෙන්නේ නැත.


උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද කියා ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ශරීරය ගැනවත් කනස්සලු නො වන ලෙසයි.


ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අඳන දෙකක් ඇති තැනැත්තා, නැති කෙනකු හා බෙදා ගනිත්වා. ආහාර ඇති අය ද එසේම කරත්වා” යි කීවේ ය.


අහෝ ඇදහිලි මද තැනැත්තෙනි, අද තිබී, හෙට ගින්නෙහි ලන තෘණ ඒ සා සරසවන දෙවියන්වහන්සේ, ඊට වඩා කොපමණ ඉහළින් ඔබ සරසවන සේක් ද?


පසුව, ලෙවී තම නිවසේ උන්වහන්සේට මහත් භෝජන සංග්‍රහයක් පිළියෙල කළේ ය; බදු අය කරන්නන් ගණනාවක් හා වෙනත් අය කෑමට හිඳ සිටියහ.


උන්වහන්සේ දොළොස් දෙනා කැඳවා, දෙදෙනා බැගින් ඔවුන් යවමින්, අපවිත්‍ර ආත්ම කෙරෙහි ඔවුන්ට බලය දුන් සේක.


ඔබ ඇතුළු වන්නේ කවර නිවසකට ද, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්